ලොම් මැමතුන් වසර දෙකකින් මිහිමතට

ලොම් මැමතුන් වසර දෙකකින් මිහිමතට

 

මිහිමතින් අතුරුදන් වූ මැමත් සතුන් තවත් වසර දෙකක් තුල මිහිතලය මතට ගෙන ඒමට හැකි බව හාවර්ඩ් විශ්වවිද්යාල පරීක්ශන කන්ඩායමක් ප්‍රකාශ කරයි.

ජාන විද්‍යාඥ මහාචාර්ය ජෝර්ජ් චර්ච් ප්‍රමුක විද්‍යඥ කන්ඩායම එසේ පවසන්නේ සයිබීරියාවෙන් සොයාගන්නා ලද ලොව එතෙක් මෙතෙක් සොයාගන්නා ලද හොදම මැමත් සිරුර පරීක්ශා කිරීමෙන් අනතුරුවයි.

මෙම මැමත් පැටවා මසක් වැයසැති වන අතර එම ශරීරය තුල ලේ පටක පමනක් නොව අවසන් වරට අම්මාගෙන් උරා බිවු කිරි පවා ගනීබවනය වී තිබූ බව සදහන්.
ඒ අනුව මැමත් සිරුරු වලින් වෙන් කර ලබා ගත් ඩී.එන්.ඒ. හා ආසියාතික ඇතින්නකගෙන් ලබා ගත් ඩී.එන්.ඒ. කෘතිම ගර්භාශයක තැම්පත් කර හයිබ්‍රිඩ් මැමත් පැටවකු මෙලොවට බිහි කිරීමට විද්‍යඥ කණ්ඩායම බලාපොරොත්තු වේ.
කෙසේ නමුත් එම පැටවාට සුදුසු පරිසරයක් මිහිමත තුල සොයා ගත හැකිද යන්න ගැටලුවක් බව හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර සිටී.

සයිබීරියාවෙන් සොයාගන්නා ලද ලොව එතෙක් මෙතෙක් සොයාගන්නා ලද හොදම මැමත් සිරුර

 

 

Leave a Reply